
කඩුවෙල පිහිටි කර්මාන්ත ශාලාවක් වසා දැමීම හෝ අන්සතු කිරීම වළක්වමින් විදේශීය සමාගමකට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා විසින් වාරණ නියෝගයක් නිකුත් කළා. ඉන්දියාවේ ඔටෝමෝටිව් නමැති සුඛෝපබෝගී වාහන නිෂ්පාදිත සමාගම විසින් පැවරු නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවයි විදේශීය අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය වන කඩුවෙල ඔටෝ ගෘප් නමැති සමාගමටයි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ. මෙම කර්මාන්තශාලාව රියදුරු ආසන වමේ සිට දකුණට මාරු කිරීමේ සහ වාහන නවීකරණය කිරීමේ කර්මාන්ත ශාලාවක් වනවා.














