
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණා. අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා ඇපමත මුදාහරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබූ බවයි වාර්තා වන්නේ.














