
මීගහවත්ත පොලිස් වසමේ නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු, කාන්තාවක් හා දැරියක් මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි දෙල්ගොඩ පදිංචිව සිටි පුද්ගලයෙකු සහ 39 හා 7 වන වයස් වල පසු වූ සියඹලාපේ පදිංචි මව සහ දියණියකි.














