
අද උදෑසන කටුනායකින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ A330 මගී ගුවන් යානයේ කුරුල්ලෙකු ගැටී තිබෙනවා.
මේ හේතුවෙන් එම ගුවන්යානය හලාවත අහසේ ඉතා පහතින් පියාසර කරමින් ඉන්ධන දහනය කරමින් ආරක්ෂිතව ගොඩ බෑමට අවශ්‍ය කටයුතු කරමින් ඇති බවයි වාර්තා වන්නේ. A330 පුළුල් බඳ සහිත TK-731 නම් මෙම මගී ගුවන්යානය මගීන් 246ක් සමග අද උදෑසන 7:07ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව තිබුණා.














