
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය“ අද සිට සුවහසක් පාඨකයින් සඳහා විව්ෘත කර තිබෙනවා. ඒ අනුව අද සිට ඔක්තෝබර් මස 04 වැනිදා දක්වා උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති. මෙහිදී පාඨකයින්ට නවකතා, කෙටිකතා, පද්‍ය, සිනමා, පයf–්ෂණ, අධ්‍යාපන ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ රචනා කරන ලද දහස් ගණනක් කෘති, විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට හැකි වනවා.














