
පැසිපික් සාගරය ආශ්‍රිතව හටගෙන ඇති එල් නිනෝ තත්ත්වය මේ වන විට දුර්වල මට්ටමක පැවතුණද, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එය ප්‍රබල විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක දේශගුණික විපර්යාස සහ කාලගුණික වෙනස්වීම් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේ. පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ දේශගුණික තත්ත්වයට සාර්ථකව මුහුණදීම සඳහා සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ කරගනිමින් ඉදිරි සති දෙක තුළ විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවයි.














