
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් පහසුකම් සලසන අඩු වියදම් ගුවන් සේවයක් වන , වියට් ජෙට් ගුවන් සේවය සිය ගුවන් සේවා ආරම්භ කරමින් එහි මංගල ගුවන් යානය මෙරටට පැමිණ තිබෙනවා. මෙහි ගුවන් නියමුවා සහ සහායක නියමුවා ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වීම විශේෂත්වයක්. මෙම ගුවන් යානය ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.














