
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අද පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්. බන්ධනාගාර බස් රථයෙන් සුගීෂ්වර බණ්ඩාර මහතා අධිකරණයට රැගෙනවිත් තිබුණා. ඔහුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට නියෝග කෙරුණේ පසුගිය 18 වනදා සිටයි. ඒ අනුව සිද්ධියට අදාළ නඩුව අද කැඳවිමට නියමිතයි.














