වවුනියාව,කනගරායන්කුලම ප්රදේශයේදී යාපනය සිට අනුරාධපුරය දක්වා ගමන්ගත්ශි ඝ්රගාමි දුම්රියේ ගැටීමෙන් ඇතින්නක් හා අලි පැටවෙකු මියගොස් තිබෙනවා.
වනජිවි කාර්යාල නිළධාරීන් පැවසූවේ වයස අවුරුදු 25 ක පමණ ඇතින්නක් හා වයස මාස පහක් පමණ වන අලි පැටියෙකු එලෙස දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.