
දූෂණය නමැති වරද සිදු කරමින් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාළව වරදකරු කළ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට බරපතල වැඩ සහිත වසර 07ක සිරදඬුවම් නියම කර තිබෙනවා. එහිදී අධිකරණය නියෝග කළේ චිත්තිකරුට චෝදනා දෙකකට වසර 07 බැගින් වසර 14ක සිරදඩුවම වසර 07 ක් තුළ එකවර ගෙවන ලෙසයි. පක්ෂ ආධාරකරුවන් පිරිසකට ශ්‍රී ලංකා කේටරින් සමාගමේ ගිණුමෙන් ආහාර ලබා දී රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාලව මෙම සිර දඬුවම නියම කර තිබෙනවා.














