
හදිසි ජල ගැලීම් තත්ත්වයෙන් බලපෑමට ලක්වූ නේපාලයට මානුෂීය ආධාර ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා සහ සංස්කෘතික හා ආගමික සබඳතා සැලකිල්ලට ගනිමින් මෙම පරිත්‍යාගය සිදු කිරීමට තීරණය කර ඇති බව සඳහන්.














