ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාණ්ඩලික පන්තියේ ශ්‍රේණි සඳහා කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එළඹෙන ඔක්තෝම්බර් මස 10 වන දිනට වයස අවුරුදු 30 ක් සම්පුර්ණ වන හෝ ඊට අඩු තරුණ වෘත්තිකයන්ට රැකියාව සඳහා අයදුම් කිරීමට හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම අයදුම්කරුවන්ට තරඟ විභාගයකට සහ සම්මුඛ පරීක්ෂණ එකක් හෝ කිහිපයකට පෙනී සිටීම සිදුවන බවද සඳහන්.