
දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක පුද්ගලයින් එක් ලක්ෂ 61,451 දෙනෙකු එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද උදෑසන නිකුත්කළ නවතම දත්ත වාර්තාවක දැක්වෙන්නේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක් එල් නිනෝ බලපෑමට ලක්ව ඇති බවයි ඒ අනුව පුද්ගලයින් එක් ලක්ෂ 41,312 දෙනෙකු වෙනුවෙන් මේ වනවිට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා .














