
හංවැල්ල පොලිස් වසමේ ජල්තර ප්‍රදේශයේ කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙම පුද්ගල මළසිරුර සොයාගෙන ඇත්තේ හංවැල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මතයි. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නැහැ. මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති අතර හංවැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














