
ඉබෝලා වෛරසය සඳහා වන ප්‍රතිකාර අත්හදා බැලීම ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. එම ප්‍රතිකාර ආරම්භ කර ඇත්තේ කොංගෝ රාජ්‍යයේ දී බවයි එම සංවිධානය පවසන්නේ. දැනට කොංගෝ රාජ්‍ය තුළ ඉබෝලා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා මෙලෙස ප්‍රතිකාර අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා. මෙම අත්හදා බැලීම් සඳහා කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වෛරසය ආසාදිතයෙකු යොදාගත් බවයි වාර්තා වන්නේ. මේ වන විට කොංගෝ රාජ්‍යයෙන් පමණක් ඉබෝලා වෛරස ආසාදිතයින් 1400 කට අධික සංඛ්‍යාවක් හමුවී තිබෙනවා.එසේම, මරණ සංඛ්‍යාව 438 ක් වාර්තා වනවා.














