
රත්මලාන, ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියට සැකපිට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් අගෝස්තු 5වැනිදා දෙමහල් නිවසකට අත්බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබූ අතර, ඉන් එකක් පුපුරා ගොස් අනෙක ගෙවත්තේ වැටී තිබියදී පොලීසිය සොයා ගනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ ගල්කිස්ස පොලිස් ස්ථානය, මොරටුව හා රත්මලාන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමටයි සමත්ව ඇත්තේ. ඔවුන් අවුරුදු 21, 26, 28 හා 30 වයස්වල පසුවන මොරටුව හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.














