ගාල්ල බන්ධනාගාරය දැනට පවතින ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට ලක්ව තිබෙන අතර සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති නලීන් හේවගේ සඳහන් කර තිබෙන්නේ ඉතා ඉහළ වාණිජමය වටිනාකමක් ඇති අක්කර 04 ක් පමණ වන මෙම බන්ධනාගාරය පිහිටි ඉඩම ගාල්ල නගර සංවර්ධනයට යොදා ගත හැකි බවයි.
මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත්, ඒ අනුව අදාළ යෝජනාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ දී අනුමත කර ඉදිරිපත් කරන ලෙස ඔහු පැවසූ බවත්, අනතුරුව එයට අවධානය යොමු කළ හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව එහිදී නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.













