කැනඩාවේ ආබාධිත පුද්ගලයන් රැගත් බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම අනතුරින් තවත් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ පුද්ගලයන් බස් රථයේ ගමන් ගත් ආබාධ සහිත පුද්ගලයන් බවට හඳුනාගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.