ගොයම් කහපැහැ වීම වළක්වා ගැනීම සඳහා බණ්ඩි පොහොර හෙවත් එම්.ඕ.පී පොහොර අනිවාර්්‍යයෙන්ම යෙදිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
වී වගා කිරීමෙන් පසු සති 4ත් 6ත් අතර කාලය තුළ මෙලෙස පොහොර යෙදිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
දැනට වාර්තා වී තිබෙන ගොයම් කහපැහැ වීමට ප්‍රධාන හේතුව පෝෂණ ඌණතාවන් බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙම තත්ත්වයන් බණ්ඩි පොහොර යෙදීම තුළින් වළක්වා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.