
මෙරට ලොකු ලූනු අවශ්‍යතාවයෙන් සියයට 50ක ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය කර ගැනීම සඳහා වන සැලසුම් මේ වන විට ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ එළැඹෙන යල කන්නයේ අස්වැන්නෙන් මෙරට වාර්ෂික අවශ්‍යතාවයෙන් සියයට 50ක ප්‍රමාණයක් සපුරා ගැනීම ප්‍රධාන අරමුණ බවයි. මෙරට වාර්ෂික ලොකු ලූනු පරිභෝජනය මෙට්‍රික් ටොන් 320,000ක් පමණ වනවා.













