දිවයින පුරා වෘත්තිය සමිති ක්රියාමාර්ගයක් හෙට දිනයේදී ආරම්භ කරන බව රාජ්ය හා පළාත් රාජ්ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා.
රාජ්ය සේවක වැටුප සදහා රුපියල් 20,000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තිය ක්රියාමාර්ගය ආරම්භ කරන බවයි එම එකමුතුවේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ.
මේ සදහා වෘත්තිය සමිති 300 ක් පමණ සහය ලබාදෙන බවද ඔහු සදහන් කළා.
මේ අතර තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය හෙට දිනයේද ක්රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ මේ හේතුවෙන් දිවයින පුරා තැපැල් සේවා අඩපණ වී ඇති බවයි.
මේ අතර තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා.