
2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුව සඳහා අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා භූතානයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යළි දිවයිනට පැමිණ තිබෙනවා. සිය නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍යතුමිය භූතානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ජිග්මේ ඛේසාර් නම්ගියෙල් වංචුක් රජතුමා හමුව වුනා. භූතාන අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අමාත්‍ය යීසං දේ තපා මහත්මිය සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වනුනේ. එමෙන්ම අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයින් සමඟ ද සාකච්ඡා පවත්වා තිබෙනවා.













