
සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය භූතානය වෙත පිටත්ව ගොස් තිබෙනවා. සැප්තැම්බර් 1 වැනි දින භුතානයේ පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වනවා. එහිදී අග්‍රාමාත්‍යතුමිය “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද නියමිතයි.














