යුක්රේනයට සාම ක්‍රියාවලියක් ගෙන ඒම සඳහා දායක වීමට ඉන්දියාව සූදනම් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඉකුත්දා සිදු කෙරුණු සිය ප්‍රංශ සංචාරය අතරතුර එරට ජනාධිපති එම්මානුවෙල් මැක්රන් හමුවී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බවයි.
යුක්රේනයේ පවතින ගැටුම් මෙන්ම කොවිඩ් වසංගතය හමුවේ ගෝලීය දකුණට එල්ල වී ඇති ඍණාත්මක බලපෑම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.
සියලු රටවල් අත්වැල් බැඳගෙන මෙම ගැටලු විසඳා ගැනීම වැදගත් බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත්තේ.
ප්‍රහාරක ජෙට් යානා සහ සබ්මැරීන ගනුදෙනුවකට ද එහිදී නායකයින් දෙපළ අත්සන් තබා තිබෙනවා.
උණුසුම් පුවත්
- මූල්යා වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- පියාගේ ගින්නෙන් බිරිය සහ දරුවෙක් මරුට – තවත් දරු දෙදෙනක් සහ නැන්දම්මාට බරපතලයි
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට













