ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය ජන අයිතියට පත්කිරීම එළැඹෙන ජූනි මස 24 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ඉල්ලීම පරිදි, මොණරාගල දිස්ත්‍රික්කයේ විගමණික ප්‍රජාව ඇතුළු මහජනතාවට කාර්යාංශයේ සේවාවන් ලබාදීම සඳහා මෙම මධ්‍යස්ථානය ස්ථාපනය කෙරේ.
මොණරාගල, බිබිල පාර, හුලංදාව යන ලිපිනයේ මෙම නව මධ්‍යස්ථානය ස්ථාපනය කර ඇති අතර, විදේශ රැකියා සඳහා කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම, විදේශ රැකියා සඳහා පැමිණිලි භාරගැනීම, සුභසාධන පහසුකම් සැලසීම, විදේශ රැකියා පුහුණුව, විදේශීය භාෂා පාඨමාලාවන් ඇතුළු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් කෙරෙන බොහෝ සේවාවන් මෙම නව මධ්‍යස්ථානය මගින් සලසා ගැනීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ.













