
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර රිය අනතුරක් සිදුව තිබෙනවා. මාතර සිට කොළඹ දක්වා ගමන් ගත් බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් පුද්ගලයින් 10කට වැඩි පිරිසක් රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරට පාසල් ළමුන් කිහිප දෙනෙකුද ඇතුළත් බව සඳහන්.













