
ගෙවුණු පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය මිලිමීටර් 104ක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. කෑගල්ල දිස්ත්‍රික්කයේම කළුපහන ප්‍රදේශයෙන් මිලිමීටර් 95.5 ක ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රදේශයෙන් මිලිමීටර් 85.5ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතගම ප්‍රදේශයට මිලිමීටර් 85.0ක සහ රත්නපුර දිස්ත්‍රික්කයේ දම්මුල්ල ප්‍රදේශයට මිලිමීටර් 82.5ක වර්ෂාපතනයක් ලැබි තිබෙනවා.














