
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබුණා. ඒ, නිසි සුදුසුකම් සපුරා නොතිබියදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාව බි්රතාන්යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධවයි.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන මෙන් නියම කර තිබෙනවා.














