වත්තෙගම සිට කුඩුගල හරහා මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් පෙරලීමෙන් මගීන් නව දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ මගීන් අට දෙනෙක් වත්තෙගම රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් පුද්ගලයා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය කියා සිටියේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබෙන බවත් කුඩුගල මාර්ගයේ අරලිය උයන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 20කට අධික පිරිසක් සිට ඇති බවත් බස් රථය ධාවනය වෙමින් තිබියදී රියදුරු අසුන අසල දොර විවෘත වීමත් සමගින් එය අල්ලා ගැනීමට යාමේදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී බස් රථය පෙරළී ඇති බවත් පොලිසිය පවසනවා.
අනතුර සම්බන්ධයෙන් වත්තෙගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.