තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම හෙට සිදුකිරීමට නොහැකි බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.
ඒ, එම කොමිෂන් සභාව සහ පක්ෂ ලේකම්වරුන් සමඟ අද පැවති සාකච්ඡාවකදියි.
නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් හෙට සිදු නොකරන බවයි වාර්තා වෙන්නේ.
නමුත් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම මේ මස 22 වැනිදා ආරම්භ කිරීමටයි මැතිවරණ කොමිසම සැළසුම් කර ඇත්තේ.