කිලිනොච්චිය, මාන්කුලම, පනිච්චකුලම් ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ 09 මාර්ගයේ යපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය කළ බස් රථයක් ආපදාවකට ලක්ව අලුත්වැඩියා කරමින් සිටි අවස්ථාවක පිටුපසින් පැමිණි ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව බස් රථයේ වැදීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම අනතුරින් බස් රථයේ රියදුරු සහ මගීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ තවත් මගියෙකු කිළිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ













