පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු මහවැලි ගඟට පැන පිහිනා පළායමට උත්සහ කිරීමේදී දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
මෙම රැඳවියා බන්ධනාගාරය තුළ වගා අංශයේ වැඩට යොදවා සිටියදී මෙලෙස පළායාමට උත්සහ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අතුරුදන් වූ රැඳවියා 36 හැවිරිද බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට වරදකරුවී පසුගිය 12 වැනිදා දිය මොහු මාස 03ට බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කර තිබුනේ.
අතුරුදන් රැඳවියා සොයා නාවික හමුදා කිමිඳුම්කරුවන්ගේ සහය ඇතිව පල්ලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














