සුරිනාම් රාජ්‍යයේ පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ සේවාව ශක්තිමත් කිරීම සඳහා ආධාර ලබාදීමට ඉන්දියාව ඉදිරිපත්ව සිටිනවා.
ඒ අනුව සුරිනාම් රාජ්‍යයේ පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ සේවා ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාව අමෙරිකානු ඩොලර් දෙලක්ෂ 46, 852 ක් ආධාර වශයෙන් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන හවුල්කාරිත්ව අරමුදල විසින් ලබාදෙන සහයෝගීත්ව ආධාර මුදලක් ලෙස එය පරිත්‍යාග කර ඇතැයි ද සඳහන්.
සුරිනාම් රාජ්‍යයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම මුදල ලබා දී ඇතැයි ද වාර්තා වනවා.
සුරිනාම් රාජ්‍යයට ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක් සහ ස්වයංක්‍රීය ජල මට්ටම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම එම ව්‍යාපෘතියට ඇතුළත්.