පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ රිය අනතුරුවල වැඩිවීමක් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කර ඇත.
නොසැලකිලිමත් රිය ධාවනය, අධික වේගය සහ, මාර්ගවල පවතින දුර්වලතා හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ රිය අනතුරුවල වැඩිවීමක් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කර ඇත.
ඒ අනුව රිය අනතුරු හේතුවෙන්, පුද්ගලයින් 6000 – 8000 අතර ප්‍රමාණයක් වසරකට ආබාධිත වන බවට අනාවරණය වූ බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත.













