බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන් 19 දෙනෙකුම කුඩා ළමුන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කාබුල් බලා ගමන් කරමින් සිටි මෙම බස් රථය ඊයේ රාත්‍රියේ හේරාත් පළාතේදී ට්‍රක් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරට ලක් වූ බස් රථය ගිනි ගැනීමට ද ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බස්රථයේ ගමන් ගත් මගීන්ගෙන් වැඩි දෙනෙකු ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් සංක්‍රමණිකයන් බව ද සඳහන්.
බස්රථයේ සිටි මගීන් සියලුදෙනාම මිය ගොස් ඇති අතර ට්‍රක් රථයේ සහ යතුරුපැදියේ පැමිණි දෙදෙනෙකු ද මිය ගොස් තිබෙනවා.
එරට හේරාත් පොලීසිය පවසන්නේ බස්රථ රියදුරුගේ අධික වේගය සහ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි.
මෑත මාසවලදී ඉරානය විසින් නීති විරෝධී ලෙස රට තුළ රැඳී සිටි ඇෆ්ගන් සංක්‍රමණිකයන් විශාල පිරිසක් බලහත්කාරයෙන් පිටුවහල් කිරීම සිදු කරමින් සිටින අතර මෙම අනතුරට ලක්වූවන්ද ඒ ආකාරයෙන් පිටුවහල් කරනු ලැබූ පිරිසක් බවයි වාර්තා වෙන්නේ.
දශක ගණනාවක් පුරා පැවති ගැටුම් හේතුවෙන් මාර්ග පද්ධතිය දුර්වල වී ඇති අතර, රියදුරන් නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ඇෆ්ගනිස්තානයේ රිය අනතුරු බහුලව සිදුවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.