කොළඹ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම කර තිබෙනවා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ සදහා විකල්ප යෝජනා ලබා ගැනීම සදහා පසුගියදා කැබිනට් පත්රිකාවක්ද ඉදිරිපත් කරනු ලැබුවා.
කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙසයි මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබුනේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ රාජ්‍ය සේවකයන් දහස් ගණනක් කොළඹ – මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සේවය කරන බැවින් ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බවයි.