ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මාරක රිය අනතුරින් දිවි අහිමි වූවන්ගේ අවසන් කටයුතු අද සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
මියගිය තංගල්ල නගර සභාවේ සේවකයින් දස දෙනෙකුගේ සිරුරු ඊයේ පෙරවරුවේ තංගල්ල නගර සභා ශාලාව වෙත රැගෙන ඒමටයි කටයුතු කළේ.
එහිදී තංගල්ල නගර සභාවේ සේවකයින් මෙන්ම ප්‍රදේශයේ විශාල පිරිසක් මෙම අනතුරින් දිවි අහිමි වූ තම හිත මිතුරන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක්ද තංගල්ල නගර සභා ශාලාවට පැමිණ දේහ වෙත අවසන් ගෞරව දක්වා තිබුණා.
උණුසුම් පුවත්
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
- නුගේගොඩත් වෙඩි පත්තුවෙයි
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
- ඉන්දීය විදේශ කටයුතු ඇමැති දිවයිනට













