- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
Author: VNews
ජනාධිපතිවරණයට අදාළව මූළික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබෙනවා. ඒ අනුව, ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
රජපක්ෂවරුන් සමග සන්ධානගත වන කිසිදු අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයේදී සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. රට බංකොලොත් කළ පුද්ගලයින්ට දඩුවම් ලබා දිය යුතු බවට වන ස්ථාවරයේ සිටිමින් දේශපාලන තීන්දු තීරණ ගන්නා බවයි පාඨලී චම්පික මහතා සදහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හෙට ප්‍රකාශයට පත්කරන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. පක්ෂය තීරණය කරන අපේක්ෂකයා වෙනුවෙන් තමන් සහය පලකරන බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළේ.
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර අද තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මීට පෙරද දෙපාර්ශවය අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානත්වයෙන් ගොඩනැගිමට නියමිත නව සන්ධානය පිළිබදව දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශයේ පිරිසක් ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්රිඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය රාත්‍රි 07.00 ආරම්භ වීමට නියමිතයි.
ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමුවරට විරේන් නෙත්තසිංහ අද තරග බිමට පිවිසෙනවා. ඔහු බැඩිමින්ටන් ඉසව්වෙන් මෙරට වේලාවෙන් පස්වරු 1.40 ට තරග වැදීමට නියමිතයි. ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි හත්වන ස්ථානයේ සිටින මැලේසියානු ක්‍රීඩක ලී ෂී ජියා සමඟ ඔහු එහිදී තරග වැදීමට නියමිතව තිබෙනවා.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 11,261 කට එරෙහිව ගතවූ මාස හය තුළ නඩු පවරා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
වසර දොළහකට පසු මෙරට වනඅලි සංගණනයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. රටපුරා දීපව්‍යාප්තව මෙම සංගණනය කිරීමටයි වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ. ඒ අනූව අගෝස්තු මස 19,20 මෙම කටයුතු සිදුකිරීමට නියමිතයි. වනඅලි සංගණනය අවසන්වරට 2011 වසරේදී සිදුකළ බවයි පැවසෙන්නේ.
දිවයිනේ ප්රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එක ම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ 1ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.
රථවාහන පරික්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවට සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවේ සිටින පොලිස් කොස්තාපල්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඔහු කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන අයෙක්. මොහු ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් පසුගිය දා කොළඹ මාර්ගයක රාජකාරී කටයුතු වල නිරතව සිටියදී එම සිද්ධිය ඇතිවී තිබුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222













