- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
Author: VNews
පොලිස් ස්ථානාධිපතිවරුන් 210ක් ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා කර තිබූ ඉල්ලීමක් පොලිස් කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත්, විනය හේතුන් මත ස්ථානාධිපතිවරු 17කගේ ස්ථානාධිපති ධූරය ඉවත්කර සාමාන්‍ය රාජකාරි සඳහා යොමු කරන ලෙසද පොලිස් කොමිසමට කර තිබූ ඉල්ලීමක් කොමිසම සලකා බලා තිබුණා. ඒ අතරින් 14 දෙනෙකු ස්ථානාධිපති ධූරයට සමාන ධූරයක රාජකාරී සඳහා යොදවන ලෙස ද කොමිසම පොලිස්පතිවරයාට නියම කර තිබෙනවා. මේ අතර, පොලිස් ස්ථාන 71ක් සඳහා මැතිවරණ කාල සීමාවෙන් පසු ස්ථානාධීපතිවරු පත් කිරීමටයි පොලිස් කොමිසම නිර්දේශ කර ඇත්තේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද පුරවැසි අවබෝධනය ඉහළ මට්ටමක තිබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ පැවති සක්වල වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. ඇතැම් පාර්ශව දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යවස්ථාවට විවිධ අර්ථකතන සිදුකරන බවටයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේ.
ජනාධිපතිවරණයට දආළව සියලු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත සේ රණසිංහ මහතා පැවසුවේ ඒ අනුව පළමු චක්‍රලේකය නිකුත් කර ඇති බවයි. එම නව චක්‍රලේකයට අනුව කටයුතු කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය භාර නිලධාරීන්ට දැනුවත් කර ඇති බවයි රාජිත රණසිංහ මහතා සදහන් කළේ.
මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කළේය. අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම වෙනුවෙන් රඹුක්කන පරාක්‍රම මහා…
මෙම වසරේ ජූලි 15 වනදා වන විට මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 1, 095, 675 ක් වූ බවත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටම ද අභිබවා යාමට හැකි බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. මෙරට සංචාරක ව්‍යාපාරය පාස්කු ප්‍රහාරය, කොවිඩ්19 වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ බිඳ වැටුණු නමුත් සංචාරක අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන එක්ව දියත් කළ විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කර ගනිමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය. සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මේ බව සඳහන්…
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලිසිය පවසනවා. කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව හෙට රාත්‍රි 08 සිට එම මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කරන බව පොලිසිය සදහන් කළා.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසනවා. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා භාර ගැනීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරනු ඇති.
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව දඩුගම කලපුවේ 2024 ජුලි මස 24 වන දින සවස් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හත්සිය අසූවක (1780) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රා හයක් (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින්, 2024 ජුලි මස 24 වන දින සවස් කාලයේදී මීගමුව දඩුගම කලපුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී සැකකටයුතු ඩිංගි යාත්‍රා…
ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය එලදායි අයුරින් යොදා ගැනිම පිළිබද සොයා බැලු අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාර දී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදීයි අදාළ වාර්තාව ජනාධිපතිවරයාට භාර දී ඇත්තේ. අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් සිය වාර්තාව මගින් නිර්දේශ 07ක් ඉදිරිපත් කර තිබෙනවා.
කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අද (24) අරලියගහ මන්දිරයේ දී පැවති උත්සවය අමතමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක තවත් ශිෂ්‍යත්ව වැඩසටහනක් ලෙස දිවයිනම ආවරණ වන පරිදි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















