Author: VNews

කාර්ය භාරයක් නොමැති පළාත් සභා සභාපතිවරුන්ට දෙන ලද ඉන්ධන දීමනාව කපා හැරීමට ගත් තීරණය අහෝසි කර තිබෙනවා. ජනාධිපති කාර්යාලය පවසන්නේ සභාපති නිල වාහන තුනක් සඳහා වූ ඉන්ධන දීමනාව අහෝසි කර එක වාහනයක් සඳහා මසකට ඉන්ධන ලීටර 400ක් ලබා දීමට කටයුතු කෙරෙන බවයි. මේ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා. පළාත් සභා සභාපතිවරයාගේ දස දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලය 6 දක්වා අඩු කර ඇති අතර පෞද්ගලික ලේකම් වරයා සඳහා මසකට ඉන්ධන ලීටර 150ක් ලබා දීමටද කටයුතු කෙරෙනු ඇති. කෙසේ වෙතත් ජනතාව වෙනුවෙන් තවදුරටත් සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීමට සිදුව ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඔහු…

තව කියවන්​න

ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන දෛනිකව සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා. අධ්‍යක්ෂ ජනරාල් එස් ජේ කහවත්ත මහතා සඳහන් කළේ භුමිතෙල් හා ඩීසල් කෝටා ක්‍රමයට නොව සම්පුර්ණ අවශ්‍යතාව සපුරාලන පරිදි නිකුත් කෙරෙන බවයි. ලෝක ධීවර දිනය නිමිත්තෙන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු එම කරුණු සඳහන් කළා. භුමිතෙල් සම්බන්ධයෙන් ඇතැම් ස්ථානවල අඩුපාඩු පවතින්නේ ඒවා ඇනවුම් කිරීමේදී ඉන්ධනහල්වලින් වන අඩුපාඩු හේතුවෙන් බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ. මාධ්‍ය හමුවට එක්වු ධිීවර අමාතයංශයේ ලේකම් ආර් එම් අයි රත්නායක මහත්මිය සඳහන් කලේ ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම් දිරිමත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

තව කියවන්​න

ජල ගාස්තුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කරනවා . නිලධාරීන් පෙන්වා දුන්නේ ජලය ලීටරයක් තවමත් සත 2ක පමණ මුදලකට පාරිභෝගිකයින්ට ලබාදෙන බවත් මෑතකදී එය සත 5ක් දක්වා වැඩි කළද ජල ලීටරයක් සැකසීම සඳහා යන වියදම සත 12ක් 14ක් පමණ වන බවයි. මෙහිදී වැඩිදුරටත් එම නිලධාරීන් සඳහන් කළේ මෑතකදී ජල ගාස්තු වැඩි කළ ද ජල සම්පාදනය සඳහා වැයවන වියදම පෙර තිබූ ප්‍රමාණයට වඩා 50% කින් පමණ වැඩිවී ඇති බවයි . වර්තමාන ජල ගාස්තුව වියදමට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බව ඔවුන් පවසනවා සමෘද්ධි ලාභීන්, වැඩිහිටි ප්‍රජාව ඇතුළු අඩු ආදායම්ලාභීන් හැර අනෙකුත් පාර්ශ්ව සඳහා ජල ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ…

තව කියවන්​න

උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමේදී සිංහල දෙමළ මුස්ලිම් යන සියලු ජනතාව ඒකරාශී කරගනිමින් එම විසඳුම් ලබාදීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවනවා. 75වන නිදහස් දින උළෙලේදීවත් මෙරට සියලු ජනතාවට එක මවකගේ දරුවන් ලෙස ජීවත්වීමට හැකිවේවායි ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කළා. ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක උතුරු පළාත් සංවර්ධන විශේෂ ඒකක උප කාර්යාලය වවුනියාවේ දී විවෘත කෙරුනේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. බොහෝ කලක් උතුරේ මෙන්ම දකුණේ ජනතාව ද විවිධ හේතූන් මත දුක් විඳී බවත් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවත් එහි දී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. වවුනියා දිස්ත්‍රික්කයේ රජයේ සේවක නිවාස යෝජනා ක්‍රමයේ නිවාසලාභීන් 120 දෙනෙකුට මෙහිදී නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුනා. උතුරේ…

තව කියවන්​න

ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුවී තිබෙනවා.වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබූ “මන්න කන්නා“ නමින් හඳුන්වන පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කලේ. යතුරුපැදියකින් පැමිණි නාඳුන්න තුවක්කුකරුවෙකු අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර තුවාලකරුගේ අතට සහ හිසට වෙඩිවැදී ඇති බවද පොලීසිය පැවසුවා. වෙඩිවැදුණු පුද්ගලයා පාතාල කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානි ඉම්රාන් නමැත්තාගේ පියාට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු බවට ද තොරතුරු අනාවරණය වී තිබෙන බව සදහන් . වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර පළාත් පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කළාපයේ ප්‍රශ්න පත්‍ර කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි කාර්යාලය විසින් මුද්‍රණය කර ඇති බවයි වාර්තා වුනේ. ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එම කාර්යාලයට ගොස් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

තව කියවන්​න

ඉරාන ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා කොමේනිගේ පාරාම්පරික නිවසට විරෝධතාකරුවන් පිරිසක් ගිනි තබා තිබෙනවා. නිවස ගිනි ගන්නා ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණා. මෙම නිවස පසුගිය කාලය තුළ දී කෞතුකාගාරයක් වශයෙන් ක්‍රියාත්මක වූ බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ඉරාන රජය මෙතෙක් ප්‍රකාශයක් කර නැහැ. මාෂා අම්නි නම් තරුණියක පොලිස් අත්අඩංගුවේ දී මිය යාමත් සමඟ පසුගිය කාලය තුළ දී ඉරානය තුළ විරෝධතා ව්‍යාපාර ආරම්භ වුණා.

තව කියවන්​න

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නීති විශේෂඥයෙකු විශේෂ විමර්ශකයෙකු වශයෙන් පත් කිරීමට ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඇමරිකා නීතිපති මෙරික් ගාලන්ඩ් පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට අදාළ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා නීති විශාරදයෙකු වන ජැක් ස්මිත් පත් කර ඇති බවයි. ජැක් ස්මිත් එරට හිටපු හමුදා ප්‍රධානියෙකු ලෙස කටයතු කර තිබෙනවා . 2020 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු සාමකාමී ආකාරයෙන් බලය හුවමාරු කිරීමට බාධා එල්ල කිරීම සම්බන්ධයෙන් පළමු විමර්ශනය සිදුවනු ඇති. දෙවැනි සිද්ධිය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රජයේ දේපොළ වශයෙන් සැලකෙන රහසිගත ලේඛන සම්බන්ධයෙන් අයතා ආකාරයෙන් කටයුතු කිරීමයි.

තව කියවන්​න

චේතන් ශර්මා ගේ ප්‍රධානීත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව නෙරපා හැරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා. ඒ අනුව නව තේරීම් කමිටු සාමාජිකයින් පස් දෙනෙකු පත් කිරීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ. රෝගේර් බිනි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් වීමෙන් පසුව ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගත් ප්‍රධානම තීරණය මෙයයි. කෙසේ වෙතත් තමන් සිය ධූරවලින් ඉවත් කළ බවට වන දැනුම් දීමක් මෙතෙක් තේරීම් කමිටු සාමාජිකයින් වෙත ලැබී නොමැති බවයි ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. නව තේරීම් කමිටු නිළධාරීන් බදවා ගැනීම සදහා නිකුත් කළ මාධ්‍ය නිවේදනය තුළින් ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වත්මත් තේරීම් කමිටුව ඉවත් කළ…

තව කියවන්​න

මෙවර අයවැයේ බොහෝ යෝජනා ඉතා වැදගත් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළා. අයවැය දෙවැනි වර කියවීමේ පස්වන දිනයේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ කන්සා අපනයනය සඳහා නීත්‍යානුකුල භාවයක් හිමි වන්නේ නම් මෙරට ට ඩොලර් බිලියන 5ක පමණ වාර්ෂික ආදායමක් උපයාගත හැකි බවයි. කංසා – ශ්‍රී ලංකාවේ සංස්කෘතිය බවද සඳහන් කරමින් මන්ත්‍රීවරයා කරුණු දක්වා සිටියා.

තව කියවන්​න