Author: VNews

ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේදී මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී ඇති බවයි වාර්තා වන්නේ. පසුගියදා මෙම ජාවාරම සම්බන්ධයෙන් 45 හැවිරිදි උප ඒජන්තවරයෙකු ද අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගනු ලැබුවා. ඕමානයේ සහ ඩුබායි හි රැකියා ලබාදෙන බව පවසමින් මිනිස් ජාවාරමේ නිරත වීමේ චෝදනාව මත පසුගියදා කටුනායක ගුවන් තොටුපොලේ දී මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගැනීමටයි බලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවේ.

තව කියවන්​න

වත්මන් රජය විසින් නව අයවැය තුළින් පවසන ලද කම්කරු නීතිය වෙනස් කිරීමේ යෝජනාව තුළින් සේවකයින්ගේ අර්ථසාධක අරමුදල අහිමි කිරීමේ සූදානමක් පවතින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක දුමින්ද නාගමුව මහතා පවසනවා. මෙම අයවැය යෝජනාව පීඩාවට පත් ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීමේ අයවැය යෝජනාවක් පමණක් බවටයි ඔහු චෝදනා කරන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාව පවතින තත්ත්වය අනුව මේ වන විට මෙම කාලය ඡන්දයක් ලබාදිය හැකි කාලයක් නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මේ වන විට කඩා වැටුණු සංචාරක කර්මාන්තය ද යන්තමින් හිස ඔසවමින් පවතින බවයි ඒ මහතා කියා සිටියේ.

තව කියවන්​න

සංචාරක වීසා කාලය ඉක්මවා ඕමානයේ රැදී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල ඉවත් කරගැනීමට සාකච්ඡා කරමින් පවතින බව විදේශ රැකියා සුබසාධක අමාත්‍යංශය පවසනවා. රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා කියා සිටියේ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බවයි. එම කාන්තාවන් දිවයිනට ගෙන්වා ගැනීමට අදාළ ගුවන් ටිකට්පත් සම්බන්ධයෙන් මේ වන විට ගැටළුවක් ඇති වී නොමැති බව ද ඔහු කියා සිටියා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයින් 80 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොල වෙත අද දින පැමිණියා. මෙම පිරිස මහනුවර බෙන්තොට සහ කොළඹ යන ප්‍රදේශවල සංචාරය කරමින් එම ප්‍රදේශවලට තිබෙන හෝටල් පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සිට සංචාරකයින් කැඳවා ගෙන ඒමට නියමිතයි. මෙම සංචාරක නියෝජිතයෙකු ලෙස ප්‍රංශයේ ෆ්‍රැන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් 501 දරණ ගුවන් යානයෙන් මෙලෙස අද දින දිවයිනට පැමිණි බවයි අප ගුවන් තොටුපොල වාර්තාකරු කියා සිටියේ. මේ අතර සංචාරකයින්ගෙන් 3 % ක් පමණ දියමත ලිස්සා යාමේ ත්‍රාසජනක ක්‍රීඩාවේ නිරත වීමේ අරමුණින් මෙරටට පැමිණෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…

තව කියවන්​න

බලපත්‍ර නොමැතිව මෙන්ම වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව තහනම් උත්තේජක ඖෂධ වර්ග 1290 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලුතර දකුණ පොලිස් වසමේ සිදු කරන ලද වැටලීමකින් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. අදාළ සැකකරු 4, 5, 6, 7 සහ 8 යන ශ්‍රේණි සඳහා ගණිතය සහ විද්‍යා විෂයන්ට අදාළව උපකාරක පන්ති පවත්වන ලද ගුරුවරයෙකු බවටයි අනාවරණ වී තිබෙන්නේ. ඔහු කළුතර විද්‍යාලයට මීටර 500 ක් පමණ දුරින් සිය බිරිඳ සහ දරුවන් දෙදෙනෙකු සමඟ කුලී පදනම මත පදිංචිව සිටින බවද සඳහන්. මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු කළුතර විද්‍යාලයේ ළමුන් ඉලක්ක කරගනිමින් මෙම මත්පෙති දීර්ඝ කාලයක සිට මුදලට ලබාදී…

තව කියවන්​න

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදී තිබෙනවා. අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ලේකම් ගුණදාස සමරසිංහ මහතා වෙත අදාළ උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව අදාළ බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනවසරයෙන් ඇතුළු එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයා වෙත අද දිනයේ ලිපියක් මගින් පැමිණිල්ලක් සිදුකිරීමට නියමිතයි. ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා සංවිධානයක පිරිසක් ඊට අනවසරයෙන් ඇතුළු වී තිබු අතර ඔවුන් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරින් අපහසුතාවට පත්…

තව කියවන්​න

ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම රියැලටි තරුවක් ඇතුළු රියැලිටි රූපවාහිනි තරු කිහිපදෙනෙක් අතර සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිසියේ පැවසුවේ තලංගම පිටකෝට්ටේ ආපන ශාලාවකදී මෙම ගැටුම සිදුව ඇති බවයි. එම ආපන ශාලාවේ සංගීත කණ්ඩායමක් ප්‍රසංගයක් පවත්වමින් සිටියදී ගීතයක් ගායනා කරන ලෙසට කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ගැටුම සිදුව ඇති බවයි. දෙපිරිස අතර ඇති වූ ගැටුම හේතුවෙන් කිහිපදෙනෙක්ට තුවාල සිදුව ඇති අතර අදාළ රියැලිටි තරුවද ප්‍රතිකාර ඳසහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒසේම අදාළ ගැටුම ආරම්භ…

තව කියවන්​න

ඉන්දියාවේ පූනෙහි අධිවේගී මාර්ගයක පාලමක් මත සිදු වූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. මාර්ගයේ ගමන් ගත් වාහන 48 ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට රෝහල් ගත කර ඇති බව සඳහන්. ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ රථයක තිරිංග ක්‍රියා විරහිත වීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තව කියවන්​න

කංසා අපනයනය ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය නිල නියෝගයක් නිකුත් කරන තුරු කංසා වගාවන් වැටලීම් සහ විනාශ කිරීම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යයංශය පවසනවා. කංසා බෝගය අපනයනය කිරීම සඳහා මෙරට තුළ වගා කිරීමට ඇති හැකියාව සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමටයි අයවැය මඟින් යෝජනා කර තිබුණේ. කෙසේවෙතත් අදාළ යෝජනාව සම්මත වීමකින් පසු යම් නිර්දේශයක් නිකුත් කරන තුරු කංසා වගාවන් වැටලීම් නතර කිරරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අවධාරණය කළා.

තව කියවන්​න