- දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
- දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්
- රසාරා විජේසූරියගෙන් නව වාර්තාවක්
- වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගනී
- පොල් ගෙඩියක මිල 88%කින් ඉහළට
- ඉදිරියේදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩීවීමක් – අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්
- වීසා නීති ලිහිල් කිරිමට නවසීලන්තයෙන් සැලසුම්
Author: VNews
ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 23 වනදායින් අවසන් කිරීමට නියමිත වනවා මෙම ශිෂ්‍යත්ව ලබා දීම සිදු කෙරෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා 2021 – 2022 වසරේ පළමුවරට ඉදිපත්ව විභාගය සමත්ව 2024 වර්ෂයේ දී උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිදුන් සදහා සදහායි . අදාළ ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අයදුම්පත්‍ර විදුහල්පති මගින් ලබාගෙන එය නිසි පරිදි සම්පූර්ණ කර ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව දෙසැම්බර් 23 වන දිනට පෙර විදුහල්පති වෙත භාර දිය යුතු වනවා . ඒ අනුව එම අයදුම්පත්‍ර විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන කාර්යාල හරහා ජනාධිපති කාර්යාලය වෙත භාර දීම සිදු වනු ඇති…
බිත්තර ප්‍රවාහන කරුවන් වෙළද මාෆියාවක් සිදු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා චෝදනා කරනවා . ඔහු ප්‍රකාශ කරන්නේ අතරමැදියන් ලෙස කටයුතු කරමින් මෙම බිත්තර ප්‍රවාහන කරුවන් විශාල ලාභයක් උපයන බවයි . කොළඹ නගරය අවට වෙළදසැල් කිහිපයක ඊයේ දිනයේ බිත්තර මිල ගණන් විමසීම සදහා ඔහු ඇතුළු පිරිසක් එක් වූ අතර එහිදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ආපනශාලා හිමිකරුවන්ගේ සභාපතිවරයා මේ බව පැවසුවා .
දේශපාල පක්ෂ නියෝජිතයින් ඊයේ දිනයේදී සිමා නිර්ණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුණ ගැසුණා . එහිදී ඔවුන් සාකච්චා කර ඇත්තේ පළාත් පාලන ආයතන සිමා නිර්ණය පිළිබවයි . මේ එම සාකච්චාවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් පලකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල , එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර , ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතීඥ සුනිල් වටගල යන මහත්වරුන් .
සියලු ම ගොවීන්ට එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා දීමනාවක් ලබා දීමට රජය විසින් තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එම දීමනාව රුපියල් 20,000ක උපරිමයකට යටත් ව ලබාදීමට තීරණය කර තිබෙන බව යි . කෙසේ වෙතත් මේ සම්බන්ධව වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සිදු කල විමසීමකදී ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ පොහොර නිසි ප්‍රමිතියෙන් ගුණාත්මකව සහ අඩු මිලක් යටතේ ලබා දීම ප්‍රමානතවත් බවයි . මේ අතර මහ කන්නය සඳහා යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවතින අතර, ඇතැම් ප්‍රදේශවලට තවමත් බණ්ඩි පොහොර නො ලැබුණු…
මෙරට බැංකුවක් විසින් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා . ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි පාර්ශ්වික වෙළඳ කටයුතු වලදී ඉන්දීය රුපියල් වලින් ගණුදෙනු කිරීම සඳහායි මෙම ගිණුම විවෘත්ත කර ඇත්තේ . ඒ අනුව ඉන්දියානු රාජ්‍ය බැංකුවේ දකුණු ආසියානු කලාපීය ප්‍රධානී විකාස් ගෝයල් මහතා සමඟ වොස්ට්‍රෝ ගිණුම විවෘත කිරීම පිළිබඳව සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා
කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී ඊයේ දිනයේ අයි.එම.එෆ් පිනවන – නිදහස් අධ්‍යාපනය වනසන පෞද්ගලික විශ්වවිද්‍යාල මිථ්‍යාව සහ යථාර්ථය යන මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වුණා . මේ සදහා මොරටුව විශ්වවිද්‍යාලයීය ආචාර්ය ඩී.එම්.ඕ .ඩී .කේ දිසානායක මහතා , කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත් මහතා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැදවුම්කරු ටෙරන්ස් රුද්‍රිගු යන අය සහභාගී වී සිටි බවයි වාර්තා වුණේ . එහි දී ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස ආණ්ඩුව විසින් නිදහස් අධ්‍යාපනය විකිණීම පිළිබඳ මතු වී ඇති සාකච්ඡාවන් සංවාදයට ගෙන තිබෙනවා . ඉතිහාසය තුළ සමාජයක් ලෙස ගොඩ නඟා ගත් දැනුම ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය…
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5 ක මිල අද දිනයේ සිට පහත දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා. මෙලෙස මිල අඩු කිරීමට තීරණය කර ඇත්තේ ලොකු ලූණු, රතු පරිප්පු, දේශීය ටින් මාළු , මිරිස් සහ හාල්මැස්සන් යන භාණ්ඩ වල බවයි නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ. ඒ අනුව රුපියල් 5කින් ලොකු ලූණු කිලෝවක මිල පහත දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 185ක් ලෙසයි . රතු පරිප්පු කිලෝවක මිළ රුපියල් 7කින් පහත දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 378 ක් වශයෙන් . ග්‍රෑම් 425ක දේශීය ටින් මාළු මිලද රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව…
භාණ්ඩ 10ක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ. සීමා ලිහිල් කර ඇති අයිතම 10 අතර ශක්තිජනක පාන, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි පුවරු, ආවේෂන කැමරා පද්ධති සඳහා අවශ්‍ය උපකරණ සහ ක්‍රීඩා භාණ්ඩ ඇතුළත් වන බවයි සඳහන් වන්නේ. මෙලෙස ආනයන සීමා අවස්ථා තුනකදී ලිහිල් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සිය සෙබළුන් දිරිගැන්වීමට යුද පෙරමුණට සර්කස්කරුවන් සහ සංගීතඥයන් යැවීමට රුසියාව තීරණය කර තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මේ වනවිට රුසියානු හමුදා සාමාජිකයින්ගේ මානසික මට්ටම ඉහළ නැංවීම මෙම තීරණයේ අරමුණ බවයි. කුමන අරමුණක් වෙනුවෙන් යුද වදින්නේද යන්න පිළිබඳව හැඟීමක් නොමැතිවීම රුසියානු හමුදාවල මානසික මට්ටම බිඳවැටීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් සඳහන් කළේ.
ඉදිරි දින 90 ක කාලය තුළ චීන වැසියන්ගෙන් සියයට හැටක පමණ ප්‍රතිශතයකට කොරෝනා වයිරසය ආසාදනය වනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා. චීනයේ කොරෝනා වයිරසය ශීඝ්‍ර යෙන් පැතිර යන බවයි ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නලය සදහන් කරන්නේ. එරට රොහල්වල දැඩිසත්කාර ඒකකයන් රෝගීන්ගෙන් පිරී ඇති බවද වාර්තා වනවා. ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් එක් ආසාදිතයෙකු හමු වුවද එම ප්‍රදේශය වසා දැමීමට චීන රජය කටයුතු කළා. ඒ හේතුවෙන් හටගත් ජනතා විරෝධයත් සමග පනවා ඇති නීති ලිහිල් කිරීමටයි රජය පියවර ගත්තේ. ඒ සමගම චීනය පුරා කොරෝනා ව්‍යාප්තිය උත්සන්නවී තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222