- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: VNews
තුන්වර වාරයේ පළමු අදියර යටතේ අද පාසල්වලට නිවාඩු ලබා දෙනවා. ඒ අනුව හෙට සිට ලබන වසරේ ජනවාරි පළමු වනදා දක්වා නත්තල් නිවාඩුව හිමිවන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කලේ. තුන්වන වාරයේ දෙවන අදියර ජනවාරි දෙවෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. එය ජනවාරි 20 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා උසස් පෙළ විහාගය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහිදී පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබාදී එහි ලකුණු වාර්තා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම්…
2022 වසරට සාපේක්ෂව 2023 වසරේ බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය ඉහළ යා හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අගවනවා. එළඹෙන වසරේ බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය වාර්තාගත මට්ටමකට පැමිණිය හැකි බවට එරට කාලගුණ අංශ අනාවැකි පළකරනවා. උෂ්ණත්වයේ සාමන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ ගිය 10 වන වසර බවට එළඹෙන වසර පත්වනු ඇති බවටයි හෙළිව ඇත්තේ. පරිසරය සිසිල් වීමට බලපාන ලානීනා තත්ත්වය බ්‍රිතාන්‍යයෙන් බැහැරට යමින් පවතින බව කාලගුණ අංශ සදහන්කරනවා.
දෙහිවල සත්වෝද්‍යානයේ අලුත උපන් නිල් සහ කහ පැහැති මැකෝ ගිරව් 4දෙනෙකු හා නිල් පැහැති ගව පැටවුන් දෙදෙනෙකු අද සිට මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා. පසුගිය සිකුරාදා උපත ලද නිල් ගව පැටවුන් දෙදෙනා ඉන්දියාවේ ක්ෂීරපායි සත්ත්ව විශේෂයක් වන ඇන්ටිලෝප් වර්ගයට අයත් ගව විශේෂයක්. එමෙන්ම , මීට මාස 2ට පෙර උපත ලද නිල් සහ කහ මැකෝ ගිරවුන් සිව්දෙනා දකුණු අමෙරිකානු කලාපීය රටවල්වල වාසය කරන සත්ත්ව වර්ගයක් වන බවයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිනා දිනුෂිකා මානවඩු මහත්මිය පැවසුවේ.
නත්තල් සැමරුම හේතුවෙන් දෙසැම්බර් මස 24 , 25 සහ 26 යන තෙදිනත් නව වසර උදාව හේතුවෙන් දෙසැම්බර් 31 සහ ජනවාරි 01 වැනිදාත් විදුලිය කැපීමක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍ය කන්චන විජේසේකර මහතා පවසනවා.
බස්නාහිර පළාතේ පාසල් 200කට අධික සංඛ්‍යාවක මත්ද්‍රව්‍ය භාවිත කෙරෙන බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව අදාළ පාසල්වලින් එක් ගුරුවරයෙකු සහභාගි කර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරාණ තෙදින පුහුණු වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින්. බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය මත අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද මෙම වැඩසටහනට එක්ව ඇති බවයි වාර්තා වන්නේ. අදාළ පුහුණු වැඩසටහන අවසනායේදී පුහුණුව ලද ගුරු භවතුන් සඳහා සහතිකපතක් ලබාදීමටද නියමිත බවයි වාර්තා වන්නේ.
පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනිම සඳහා පාසල් ළමුන් දැනුවත් කිරිම සහ පාසලට පැමිණෙන ළමුන්ගේ පාසල් බැගය හදිසි පරික්ෂාවකට ලක් කිරිමේ මෙහෙයුමක් අද (21) දින දිඹුලපතන පොලිසිය විසින් සිදු කළා. නුවරඑලිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසුරිය මහතාගේ උපදෙස් පරිදි නුවරඑලිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ කොටගල නගරයේ පිහිටි ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන්ගේ අවසරය ඇතිව සහ කොටගල වෙළෙඳ සංගමයේ සහය ඇතිව මෙම හදිසි පරික්ෂාව සිදු කරනු ලැබුවා. එම පාසලේ ගුරුවරුන් සහ පොලිස් නිලධාරින් විසින් පාසලට පැමිණෙන ළමුන්ගේ පාසල් බැගය පරික්ෂා කල අතර, එහිදි ඇතැම් පාසල් ළමුන් විසින් විවිධ රෝග සඳහා භාවිතා කරනු ලබන ඖෂධ වර්ග කිහිපයක් රැගෙනවිත් තිබු අතර, එම ඖෂධ පොලිස් භාරයට ගෙන…
වසර 12 කට පසු මෙරට වන අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා . අවසන් වරට මෙරට වන අලි සමීක්ෂණයක් සිදුකර ඇත්තේ 2011 වසරේදීයි. එම වසරේ සමීක්ෂණ වාර්තා මෙරට වන අලි ගහනය 5000 ඉක්මවනු ලැබුවා . මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ දැනට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් නිලධාරීන් ප්‍රමාණවත් නොවන බැවින්, මෙම සමීක්ෂණය සඳහා මේ සම්බන්ධව උනන්දුවක් දක්වන මෙරට සිවිල් සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන, පරිසරවේදීන් ඇතුළු සියලුදෙනාගේ සහයෝගය ලබා ගන්නා බවයි.
සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ මුල් මාස 11 ඇතුළත සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 31,342 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවන් 4,559ක් ද ඒ අතර සිටීම විශේෂත්වයක්. හෙරොයින්, කොකේන්, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි මෙන්ම දුම්වැටි සම්බන්ධ වැටලීම්වලට අදාළව යි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. එහි දී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 350කට අධික යි. ඒ සම්බන්ධව පැවරූ නඩුවලදී අධිකරණය මගින් සැකකරුවන්ට රුපියල් මිලියන 118ක දඩ මුදලක්ද පනවා තිබෙනවා. මීට අමතරව මේ වසර තුළ දී සුරාබදු බලපත්‍රලත් ස්ථාන ආශ්‍රිතව වැටලීම් 3,640ක් සිදු කර ඇති අතර, එහි දී පනවන ලද සමස්ත මුදලේ වටිනාකම රුපියල් මිලියන 127ක්.
පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂාව පාසල් කමිටුවක් වෙත පැවරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා . අදාළ කමිටුව ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් සමන්විය යුතු බවයි, අමාත්‍යාංශය සඳහන් කළේ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළැඹ ඇති බව සදහන් . ළමුන් අතර මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්තිය පාලනයට ගතයුතු පියවර සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අදාළ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පවත්වනු ලැබුවා . එහිදී මත්ද්‍රව්‍ය භාවිත කළ අය හඳුනා ගැනීම සහ ඔවුන් සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අඛණ්ඩව පැවැත්වීමටත්, පාසල් පරිසරය සිසුන්ට…
ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ ව දුරකථන හතරක විශ්ලේෂණ වාර්තා ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා බොරැල්ල පොලිසියට නියෝග කළා. ඒ, මෙම සිද්ධියට අදාළ දුරකථන අංක හතරක විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් ලබාදෙන ලෙස බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව යි. ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිඳ සහ ඔහුගේ ආයතනයේ සේවකයන් දෙදෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද බොරැල්ල පොලිසිය මෙහි දී අධිකරණයට දැනුම් දුන්නා. ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර කරුණු වාර්තා කරන ලෙසට පොලිසියට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222