- අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්
- CID යේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පියවර
- ඩෑන් ප්‍රියසාද් අත් අඩංගුවට
- පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු වෙළෙඳ පොළට නිකුත් කිරීමට තැත් කළ පුද්ගලයෙකුට දඩ
- ගංවතුරෙන් හානියට පත්වූ වගාවන් වන්දි ලබාදීම ආරම්භ කෙරේ
- අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනයට සැලසුම්
- භාණ්ඩාගාර බිල්පත් වෙන්දිසියක් අද
- අගමැතිනිය සහ IMF විධායක අධ්යක්ෂ අතර හමුවක්
Author: VNews
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 370ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන්කිරීමේ හැකියාවක් පවතින බව ද සඳහන්. මේ හේතුවෙන් හෙට සහ අනිද්දා බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවද කාලගුණ නිවේදනයේ දැක්වෙනවා. මේ අතර අද දිනයේ උතුරු, නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකිය. උතුරු නැගෙනහිර බස්නාහිර සබරගමුව සහ ඌව පළාත්වලට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අවස්ථාව හිමිකර ගනු ලැබුවා. ඒ, කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 168ක් රැස් කළා. එහිදී වනිඳු හසරංග පන්දු 34කදී නොදැවී ලබා ගත ලකුණු සංඛ්‍යාව 77ක්. ලකුණු 169ක ඉලක්කය හඹාගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් තුළ කඩුලු 4ක් දැවී ජය වාර්තා කළා. ඒ අනුව කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ගියවර ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි. තරගය අද රාත්‍රී 7.30 සිට කොළඹ ආර්.…
කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් කිරීමට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වෙනවා. ඊට සහභාගී වූ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවයි තලේබාන් සංවිධානය පැවසුවේ. මාධ්‍යවේදීන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. තකාර් පළාතේ ද විරෝධතා ක්‍රියාත්මකයි. පසුගිය වසරේ තලෙයිබාන් සංවිධානය යළි බලයට පත්වීමෙන් පසු කාන්තා අධ්‍යාපනය සීමා කිරීමේ නවතම ප්‍රතිපත්තිය ලෙස කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කරමින් පැනවූ වාරණයට එරෙහිව සිය ගණනක් කාන්තාවන් විශ්ව විද්‍යාල පරිශ්‍රවලට ඇතුළු වීම ට උත්සහ දරා තිබෙනවා. තලේබාන් උසස් අධ්‍යාපන අමාත්‍ය නෙඩා මොහොමඩ් නදීම් රාජ්‍ය රූපවාහිනියෙන් කියා සිටියේ ඇඳුම් පැළඳුම් සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කර ඇති බවයි. ඊට එරෙහිව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් 50ක්…
ඉන්දියාවේ රැඳවුම් කඳවුරක දී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රමුඛ පෙළේ පාතාල ක්‍රියාකාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලීසියට දැනුම්දීමක් සිදුකර නැහැ. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඉන්දීය පොලීසියේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 09 දෙනාගෙන් 07 දෙනකුම ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් බවයි.. ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු කිඹුලා ඇලේ ගුණා, පූකුට්ටි කන්නා, ලඩියා ඇතුළු පාතාල ක්‍රියාකාරීන් 09 දෙනා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයෛ් ද සමබ්න්ධිකරණයෙන් ඉදිරි කටයුතු කිරීමට නියමිතයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරුද්ධ විතානගේ වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළා. අත්අඩංගුවට ගන්නා ලද සිසුන් 12 දෙනා එළඹෙන ජනවාරි 04 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කළා. උපකුලපතිවරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබුණා. එහි දී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් සිසුන් 06 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. සිසුන් හදුනා ගැනීමේ පෙරට්ටුව හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න ඔහුගේ පුත් විදුර සේනාරත්න යන මහත්වරුන් ඇතුළු 06 දෙනකු පැමිණ සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ මූලික විමර්ශන…
පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා පෙර සූදානමක් ලෙස සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව අද දිනයේ සියලු නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා. ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, තේරිම්භාර නිලධාරීන් ලෙස කටයුතු කරන දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ඊයේ සාකච්ඡාවක් පැවැත්වූ බවයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුනා. ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත ප්‍රකාරව, මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුවයි මේ යටතේ පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහා තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කර තිබෙනවා.…
නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 08ක් ධාවනයට එක්කර තිබෙනවා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ බදුල්ල සහ කන්කසන්තුරය වෙත් එම දුම්රිය යොදවන බවයි. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය 3ක් ද බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය 3ක් ධාවනය කෙරෙනු ඇති.
ඉල්ලුම කළමනාකරණය කර ගැනීමේ අර්බුද හමුවේ විදුලි බලාගාර කිහිපයක නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති නිහාල් වීරරත්න මහතා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය මත බලාගාර නඩත්තු සඳහා පද්ධතියෙන් ඉවත් කර ගැනීම ගැටළුවක් වී ඇති බවයි. ජාතික විදුලි පද්ධතියට මේ දිනවල ජල විදුලියෙන් 35% ක පමණ ධාරිතාවක් එක් කෙරෙන අතර, තාප විදුලියෙන් එක් කෙරෙන ධාරිතාව 60% ඉක්ම වනවා. එවන් පසුබිමක නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය කෙරෙන ගල් අඟුරු තොග පවතින්නේ ජනවාරි 02 වැනිදා දක්වා පමණක් බව ට විදුලිබල මණ්ඩලය තමන්ට දැනුම් දුන් බවයි ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කළේ.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම ජනන යන්ත්‍රය අක්‍රීය කර ඇති බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුත්තක් සඳහා මෙසේ ක්‍රියා විරහිත කිරීමට පියවර ගැනුනා. ගල්අඟුරු තොග කළමනාකරණය – නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙක් එක් යන්ත්‍රයක් වසා දැමීම තවත් අරමුණක්. ඉන් අහිමිවන විදුලි බලය වෙනත් මූලාශ හරහා ආවරණය කරගනු ඇති. මෙගාවොට් 300 කින් සමන්විත නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අත්හිටවනු ලැබූව ද සැලසුම් කර ඇති ආකාරයට පමණක් විදුලිය අත්හිටුවීමේ කටයුතු සිදුකරන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ. ඒ අනුව දැනට සිදුවෙන පැය 2යි විනාඩි…
නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් කළා. එලෙස වැඩි දෙනාගේ අවධානය යොමුවූයේ, වසර 168ක ඉතිහාසයක් තුළ මෙල්බර්න් විශ්වවිද්‍යාලයයෙන් එකවර ආචාර්ය උපාධි හිමිකර ගත් නිවුන් සොහොයුරියන් වන නදීෂා ගුණරත්න සහ තේජානි ගුණරත්න දෙසයි. කොළඹ මියුසියස් විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූ මේ නිවුන් සොයුරියන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයට ඇතුළු වී ආහාර විද්‍යාව සහ තාක්ෂණවේදය පිළිබද උපාධිය හදාරනු ලැබුවා. එහිදී එම විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළමු වරට උපාධි ලකුණු සාමාන්‍යය හතරෙන් හතරක් ලෙස උපරිම ලකුණු සාමාන්‍යය ලබා ගැනීමට නදීෂා ගුණරත්න සමත් වුවා. ඔවුන් එම උපාධිය නිම කළේ පළමු පන්ති ගෞරව උපාධි ලබා ගනිමින්. “…..ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වගේ ගොඩක් උසස් විශ්වවිද්‍යාලයයක ඉගෙන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222