Author: VNews

දින කිහිපයකට ඉහතදී අතුරුදන් බවට පොලීසිය ට වාර්තා වූ එප්පාවල ප්‍රදේශයේ පිරිමි දරුවා හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ එම දරුවා රැගෙන ගිය බවට සැකකෙරෙන පුද්ගලයා සහ එම දරුවා රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ සිටියදී හමුවූ බවයි. එප්පාවල – කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි නව හැවිරිදි පිරිමි දරුවා පසුගිය 19 වනදා රාත්‍රියේ සිට අතුරුදන්වූ බවට මව විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර දරුවා සොයා ගෙන ඇත්තේ රිකිල්ලගස්කඩ – ජෝන්ස්ලන් වතුයායේ නිවසකින්. ඒ සැකකාර විදුලි කාර්මිකයාගේ ඥාති නිවසක සිටියදී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ සැකකරු අත් අඩංගුවට ගෙන දරුවා පොලිස් භාරයට…

තව කියවන්​න

සිල්වර් ස්ප්‍රිට් නෞකාවෙන් සංචාරකයින් 438 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. එම නෞකාව ඇමරිකාවේ සිල්වර් සී කෘස් සමාගමට අයත්වන අතර එය දිගින් මීටර 211 ක් සහ පළලින් මීටර 27 ක්. නෞකාවේ කාර්ය මණ්ඩලය සේවකයින් 450 දෙනෙකුගෙන්ද සමන්විතයි. වරාය, නාවිකා හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කළේ එම සංචාරකයින් අද දිනයේත් කොළඹ අවට ප්‍රදේශන්හි සංචාරය කරනු ලබන බවයි. අනිද්දා දිනයේ ඔවුන් ත්‍රිකුණාමලය බලා ගමන්කර තායිලන්තය බලා පිටත්ව යනු ඇති.

තව කියවන්​න

අද මධ්‍යම රාත්‍රියේ උදාවන නත්තල පිළිගැනීමට ලක්වාසී සියලු කිතුණු බැතිමතුන් සූදානමින් සිටිනවා. ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරමින් සියලු කතෝලික දේවස්ථාන ආශ්‍රිතව දේව මෙහෙයන් සංවිධාන කර ඇති අතර කැරොල් ගී සංදර්ශන නත්තල් සාද මෙන්ම සහ තවත් පුණ්‍යක්‍රියා ද ඊට ඇතුලත්. සංවිධාන කර ඇත. වී එෆ් එම් රේඩියෝවද අසිරිමත් නත්තල සැමරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් අද සහ හෙට සැළසුම් කර තිබෙනවා. මහරගම, මහමේඝවත්ත, ශාන්ත මරියා දේවස්ථානයේ සිට මධ්‍යම රාත්‍රී නත්තල් ප්‍රධාන දේව මෙහෙය සජීවීව ගෙන ඒමට නියමිතයි. සිංහල දේවමෙහෙය සජීවී විකාශය අද රාත්‍රී 11.30ට ආරම්භ වීමට නියමිත අතර කැරොල් ගී ප්‍රසගයක්ද පැවැත්වීමට සැලසුම් කර ඇති අතර දේවමෙහෙය වී එෆ් එම් යූ ටියුබ්…

තව කියවන්​න

මෙරට දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව නීති සකස් කර ඇතැයි අධිකරණ අමාත්‍ය, ආචාරය විජේදාස රාජපක්ෂ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ නව අල්ලස් හෝ දූෂණ කොමිසමක්, වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට නව ක්‍රමවේදයක්ද මේ හරහා ගෙන යන බවයි. අධිකරණ අමාත්‍ය, අචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය අංශයේ දූෂණ වැළැක්වීම සඳහාද මෙමඟින් පියවර ගන්නා බවයි.

තව කියවන්​න

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මැතිවරණ වියදම් රෙගුලාසි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත්වූ ශේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කර තිබෙනවා. මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කරන ඩී.එම්. දසනායක මහතා විසින් ගොනු කළ පෙත්සමක් ඊයේ සලකා බැලු අවස්ථාවේදී පෙත්සම්කරු කියා සිටියේ මැතිවරණ සඳහා තරග කරන අපේක්ෂකයෙකුට ලැබෙන මුදල්, පරිත්‍යාග සහ වියදම් පිළිබඳ විගණනය කිරීමේ බලතල යෝජිත පනත් කෙටුම්පත තුළින් පවරා නොමැති බවයි. එමෙන්ම යම්කිසි අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්‍රචාරණ, ප්‍රවර්ධන සහ වියදම් සිදු කිරීමේ හැකියාව තුන්වන පාර්ශ්වයකට ලබාදී ඇති අතර එය යහපත් තත්ත්වයක් නොවන බවද පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා. යෝජිත පනත් කෙටුම්පතෙන් සඳහන් කර ඇති වැරදි…

තව කියවන්​න

අද – හෙට – 26 වැනිදා මෙන්ම දෙසැම්බර් 31 සහ ජනවාරි 01 වනදා විදුලිය කප්පාදු කිරීමක් සිදු නොකරන බව විදුලි බල අමත්යංශය සඳහන් කළා. කෙසේ වෙතත් අඛණ්ඩව විදුලිය ලබා නොදීමෙන් හා විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් – විදුලි පාරිභෝගිකයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර ඇත්තේ. ඒ අනුව එම ක්ෂේත්‍රයේ විද්වතුන් කැඳවා පිරිවැය අඩු කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳ කොමිසමේ නිරීක්ෂණ සහිතව රජයට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර, අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය නඩත්තුවෙන් පසු ජනවාරි 10 වැනිදා යළි ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලය පවසනවා. නඩත්තු…

තව කියවන්​න

රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් එළඹෙන ජනවාරි මාසයේ සිට අය කරන බදු මුදල ගණනය කර තිබෙනවා. රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මහතා නිකුත් කළ වාර්ත්වෙහි දැක්වෙන්නේ රුපියල් එක්ලක්ෂ 50,000ක මාසික වැටුපක් ලබන පුද්ගලයෙකුගෙන් රුපියල් 3,500ක බදු මුදලක් අය කෙරෙන බවයි. මාසික වැටුප රුපියල් දස ලක්ෂයක් නම් අය කරනු ලබන බදු මුදල රුපියල් 286,500ක්. වැටුප ලක්ෂයක් නම් ඒ මත කිසිදු බදු මුදලක් අය කෙරෙන්නේ නැහැ.

තව කියවන්​න

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කෝවිඩ් පිළිබඳ ජනතාවට අනතුරු අඟවා තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කෝවිඩ් පිළිබඳ මාර්ගෝපදේශ භාවිත කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. චීනයේ සීඝ්‍රයෙන් සිදු වන කෝවිඩ් ව්‍යාප්තිය නිසා තම ජනතාව ද ප්‍රවේශම් විය යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඉන්දියාව තුළ දෛනික කෝවිඩ් රෝගීන් වාර්තාවීම සැළකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන ගුවන් සේවා කටයුතු තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මෙරට මහකොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්ඩි ගෝ ගුවන් සේවා නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ රාහුල් භාටියා අතර හමුවක් සිදුවුණා. එහිදී සාකච්ඡා කෙරුණේ, ඉන්දීය ගුවන් සේවා සමාගම් සම්බන්ධ කරගෙන ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ වඩාත් තරගකාරීව පවත්වාගෙන යන්නට ඇති හැකියාව සම්බන්ධවයි .

තව කියවන්​න

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 28,000 ක් රැගත් තවත් නෞකාවක් අද දිවයිනට පැමිණියා . ලෝක බැංකු ණය මුදලක් යටතේ මිලදී ගන්නා ලද මෙම පොහොර තොගය මැලේසියාවේ සිට දිවයිනට ආනයනය කර ඇති අතර, ඒවා ගොවීන්ගේ වැඩි ඉල්ලුමක් සහිත කැටිති වශයෙන් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය කෙරෙන යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 110 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදුන්නා. මේ අනුව දිවයිනට ආනයනය කෙරෙන යූරියා පොහොර තොගය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි පන්දහසක් බවද සදහන් . මීට පෙර මිලදී ගත් යූරියා පොහොර කැටිති වශයෙන් නොති බු අතර, ඒවා උසස් ප්‍රමිතියකින් පැවතියත් ගොවීන්…

තව කියවන්​න