Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ වියදම් රෙගුලාසි කෙටුම්පත ගැන රහසිගත නිගමනයක්

    මැතිවරණ වියදම් රෙගුලාසි කෙටුම්පත ගැන රහසිගත නිගමනයක්

    2022-12-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මැතිවරණ වියදම් රෙගුලාසි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත්වූ ශේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කර තිබෙනවා.

    මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කරන ඩී.එම්. දසනායක මහතා විසින් ගොනු කළ පෙත්සමක් ඊයේ සලකා බැලු අවස්ථාවේදී පෙත්සම්කරු කියා සිටියේ මැතිවරණ සඳහා තරග කරන අපේක්ෂකයෙකුට ලැබෙන මුදල්, පරිත්‍යාග සහ වියදම් පිළිබඳ විගණනය කිරීමේ බලතල යෝජිත පනත් කෙටුම්පත තුළින් පවරා නොමැති බවයි.

    එමෙන්ම යම්කිසි අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්‍රචාරණ, ප්‍රවර්ධන සහ වියදම් සිදු කිරීමේ හැකියාව තුන්වන පාර්ශ්වයකට ලබාදී ඇති අතර එය යහපත් තත්ත්වයක් නොවන බවද පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

    යෝජිත පනත් කෙටුම්පතෙන් සඳහන් කර ඇති වැරදි සඳහා පනවනු ලබන දඬුවම් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන පෙත්සම්කරු යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතේ වගන්ති උල්ලංඝනයවීමක් සිදුවන බවද සඳහන් කර තිබෙනවා.

    අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත මෙවැනි ප්‍රතිපාදනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවද පෙත්සම්කරු පෙන්වා දෙනවා.

    මේ අනුව පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

    කෙසේ වෙතත් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය දැනුම් දී ඇත්තේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් කරමින් එහි රහසිගත නිගමනය කථානායකවරයා වෙත දැනුම් දෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    Supreme Court
    පෙර පුව​තමානව හිමිකම් කොමිසමෙන් රජයට යෝජනාවලියක්
    ඊළඟ පුව​ත දූෂණ – අක්‍රමිකතා වැලැක්වීමට නව නීති

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group