Author: VNews

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර නත්තල් උදාව පළමුව සිදුවුණේ නවසීලන්තයේ – බැලනි දූපතටයි. මෙරට ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුනේ පන්නිපිටිය ක්‍රිස්තු රජාණන්ගේ දේවස්ථානයේදී ඒ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන එයට සමගාමීව දිවයිනේ සෑම දේවස්ථානයකම මධ්‍යම රාත්‍රි නන්තල් දේව මෙහෙයන් පැවැත් වූණා . මහරගම මහා මේඝවත්ත ශාන්ත මරියා දේවස්ථානයේ පැවති නත්තල් ප්‍රධාන දේව මෙහෙයද සජීවීව ඔබ වෙත ගෙන ඒමටයි වී එෆ් එම් අපි කටයුතු කළේ. එම අවස්ථාව සදහාද විශාල පිරිසක් සහභාගී වූ ආකාරය දක්නට හැකි වුණා . කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ…

තව කියවන්​න

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා නිකුත් කරන ලද නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍ර වලට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සිය විරෝධය පල කර තිබෙනවා . නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා ඇත්තේ පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන බාහිර මැදිහත්වීම් පිළිබඳව ෆිෆා සම්මේලනයේ බලවත් කනස්සල්ල පළකරන බවයි . මේ පිලිබදව පසුගියදා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සාමාජික සංගම් නිලධාරි කෙනී ජීන් මාරි විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ මහතා වෙත විද්‍යුත් ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇති බව වාර්තා වනවා .

තව කියවන්​න

ප්‍රදේශ දෙකකින නාදුනන පුද්ගල මළසිරුරු දෙකක් හමුවී තිබෙනවා. මින් එක් පිරිමි පුද්ගල මළසිරුරක් කටුගස්තොට රෝහල ඉදිරිපිට මහවැලි ගඟේ තිබීයදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. අවුරුදු 60ත් 70ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබෙනවා. මේ අතර මීරිගම හොරකැලේ රක්ෂිතයේ තිබී තවත් නාදුනන පිරිමි පුද්ගල මළසිරුරක් සොයා ගැනුණා. අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

තව කියවන්​න

නත්තල් සාමය තුල සිය ව්‍යාපාර කටයුතු  අඩාල වී ඇති හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ පසුගිය වසරේ නත්තල් සාමය හා සැසදීමේදී මෙවර භාණ්ඩ මිල දෙතුන් ගුණයකින් ඉහල ගොස් ඇති බවයි. බිත්තර මිල ඉහල යාම හේතුවෙන්  කේක් අලෙවියද සීග්‍ර ලෙස අඩුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නත්තල් සැරසිලි සහ රතිඤ්ඤා අලෙවි කරන හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියාසිටින්නේ නත්තල් සැරසිලි වල මිල ඉහල යාමත්, පවතින හිගයත් සමග ඒසදහා ඇති ඉල්ලුමද  අඩු වි ඇති බවයි. රතිඤ්ඤා මිලද අධික ලෙස ඉහල යාම හමුවේ රතිඤ්ඤා අලෙවිය පහත වැටි ඇති බව පවසන ව්‍යාපාරිකයන් කියා සිටින්නේ මෙවර නත්තල් තම ව්‍යාපාර කටයුතු වලට සරු නොවන බවයි. මේ අතර…

තව කියවන්​න

ඇමරිකාවේ පවතින අධික ශීතල තත්වය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිලියන 200ක පමණ ජනතාවකට ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කලේ. ඇතැම් පිරිස් ඇමරිකාවේ දකුණු ප්‍රදේශයට ගමන් කර ඇත්තේ ශීත කාලගුණයට මුහුණදීම සඳහායි. පවතින හිම කුණාටු තත්වය හමුවේ නිවාස ලක්ෂ 15ක පමණ විදුලිය ඇණහිට ඇති බව ද සඳහන්. මේ වනවිටත් ගුවන් ගමන් ද දහසකට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා. බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වයෙහි අගය සෙල්සියස් අංශක සෘන 45 දක්වා පහත වැටී ඇති බව එරට කාලගුණ අංශ වාර්තා කළා.

තව කියවන්​න

රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා ගැනීම සඳහා මෙරට පාලකයින්ට කිසිඳු සැලැස්මක් නොතිබූ බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ පසුගිය කාලය පුරාම අපවති ආණ්ඩු රාජ්‍ය සම්පත් විකුණමින් සහ ණය ලබාගනිමින් රටෙහි පාලනය ගෙනගිය බවයි. කුරුණෑගල පැවති අසන සමුළුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

තව කියවන්​න

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 260කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඊට හිමිවූ බවයි. ඒ අනුව පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ද නිකුත් කර තිබෙනවා.

තව කියවන්​න

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර 370 ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි. ඒ හේතුවෙන් අද සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් පෙන්විය හැකියි. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන්. ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි. විටින් විට හමන සුළං තද ස්වභාවක් ගනු ඇති. මේ අතර අද දිනයේත් පසුගිය දිනවල මෙන් ප්‍රදේශ රැසක මීදුම් ස්වභාවක්…

තව කියවන්​න

දරුවන් අතට මත්ද්‍රව්‍ය යාම වලව්වා ගැනීම සඳහා ගුරුවරුන්ට දැඩි වගකීමක් පැවරෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරනවා. ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් ගුරුවරු දරුවන්ගේ දෙමාපියන් මෙන් සමීප බවයි. එවන් අවස්ථාවල දරුවන් නොමගට යාමෙන් මුදා ගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා. අමාත්‍යවරයා මෙම කරුණු දක්වා සිටියේ බස්නාහිර පළාතේ පාසල් 223 ක තෝරාගත් ගුරුවරුන් 200කට අධික පිරිසකට “හෙට දවස” නමින් සන්විධාන් කළ විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක ට එක්වෙමින්. එය කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සම්මන්ත්‍රණ ශාලාවේදී දින තුනක් පැවති අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේද ඊට දායක වී සිටියා. මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම…

තව කියවන්​න

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. එහි උපකුලපති මහාචාර්ය පුජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසන්නේ සරසවිය තවකාලිකව වසා දමා ඇති බවින් මෙම පියවර ගන්නා බවයි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මහනාහිමිවරු ඇතුළු සංඝ සභාවේ කාරක සභික ස්වාමීන් වහන්සේ හමුවී ඊයේ දිනයේ සාකච්ඡා කර තිබුනා. උපකුලපති මහාචාර්ය පුජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් සඳහන් කලේ සිසුන් 32නෙකු ට තවකාලිකව පන්ති තහනම් කර ඇති බවයි.

තව කියවන්​න