Author: VNews
ජනතාව පත්ව ඇති පීඩාව පිළිබදව සලකා බලා විදුලි මිළ වැඩි නොකරන ලෙස සමගි ජනබ්ලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා . ඔහු මෙම අදහස් පළකලේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට් එක්වෙමින් . මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද මෙලෙස අදහස් දක්වා සිටියා .
පවතින ඉහළ බැංකු පොලී අනුපාතය හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර වලින් ඉවත් වීමේ අවදානමක් මතුව ඇති බව ආර්ථික විශේෂඥයින් පවසනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේ සිදු කළ යුත්තේ මහ බැංකුව විසින් ක්‍රමයෙන් පොලී අනුපාතය පහළ දමා ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනෙකු විසින් කණිෂ්ඨ සිසුන් 9 දෙනෙකුට සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් එහි පරිපාලනය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඉංජිනේරු සහ කලා අධ්‍යයන අංශයේ කණිෂ්ඨ සිසුන් 9 දෙනෙකුටයි පසුගිය දා මෙම පහර දීම සිදු කර ඇත්තේ. නවක වදය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත විශ්වවිද්‍යාලය තුළ සහ නේවාසිකාගාර පරිශ්‍රයේ මෙම පහරදීම සිදු කර ඇති බවට යි වාර්තා වන්නේ.
වැසිත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙකක් අඩි 01 බැගින් විවෘත කර තිබෙනවා. එමඟින් තත්පරයට ඝන අඩි 1000ක වේගයකින් කලා ඔයට ජලය මුදාහැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් කලා වැව දෙපස සිටින සහ පහළ සිටින ජනතාව සැළකිලිමත්වන ලෙස දැනුම් දෙනවා. එමෙන්ම පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 387කට අයත් පුද්ගලයින් 1675 දෙනෙකුට පීඩා සිදුව තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ වර්ෂාවත් සමඟ පස්කදු කඩා වැටීම් නිසා දෙදෙනෙකු මියගොස් 07 දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි. ඊට අමතරව නිවාස 109කට අර්ධ හානි සිදුව තිබෙනවා. මේ අතර පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඊයේ ගමනාගමනය බාධා මතුව තිබූ මාවනැල්ල සිට හෙම්මාතගම…
වසරකට වැඩිම නිවාඩු දින ගණනක් සහිත රාජ්‍යයන් ලැයිස්තුවේ 5 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින රාජ්‍යය වන්නේ ඉරාකයයි. ඉරාකය නිවාඩු 26කට හිමිකම් කියන අතර, ශ්‍රී ලංකාව අදට යෙදී ඇති විශේෂ නත්තල් නිවාඩුවත් සමග වාර්ෂික නිවාඩු 25කට හිමිකම් කියනවා. 2019 වර්ෂය වනවිට කාම්බෝජය වැඩිම නිවාඩු සහිත රාජ්‍යය බවට පත් වී ඇති අතර, ශ්‍රී ලංකාව ඒ වසරේ දී මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාව තුන්වැනි තැනට පත් කරමින් . එම වසර වනවිට ද ශ්‍රී ලංකාව සතුව නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වසර තුනක් ගතවනවිට ද ශ්‍රී ලංකාව මෙම ලැය්ස්තුවේ පස්වැනියා වී ඇත්තේ පෙර තිබූ නිවාඩු ඒ…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියක තිබී ජීව උණ්ඩයක් හමුවී තිබෙනවා. ඊයේ හමු වූ මෙය මිලිමීටර 9ය වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කරන එකක් බවයි පොලිසිය සඳහන් කළේ. ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ පිරිමි වැසිකිළියක බිම වැටී තිබියදීයි මෙම ජීව උණ්ඩය හමු වී තිබෙන්නේ.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රීයේ දී වත්තල පොලිස් වසමේ හැඳල හන්දිය ප්‍රදේශයේ දී කෑකෝ ගසමින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට පිවිසීමේ දී පොලීසියෙන් නවතා ඇති බව සඳහන්. ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමට උත්සාහ කරන අවස්ථාවේ දී පුද්ගලයින් දෙදෙනෙක් බීමතින් සිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී අදාළ පිරිස පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී පළාගොස් තිබෙනවා. . එම සිදුවීම සම්බන්ධයෙන් වත්තල පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව වත්තල ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් තිදෙනා ත්‍රීරෝද රථය සමග අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
පවතින අයහපත් කාළගුණය හමුවේ වැසි තත්වයේ වැඩි වීම හේතුවෙන් කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි 01 බැගින් හදිසියේ විවෘත කර තිබෙනවා. එමඟින් තත්පරයට ඝන අඩි 1000ක වේගයකින් කලා ඔයට ජලය මුදාහැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් කලා වැව දෙපස සහ පහළ සිටින ජනතාවට සැළකිලිමත් ව සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.
නොරොච්චෝලේ සෙබස්තියන් මුනි මාවත ප්‍රදේශයේ දී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මරණකරු සහ සැකකරු බීමත් ව සිට ඇති අතර, පෞද්ගලික ආරවුලක් මත ඇති වූ ඇති වූ ගැටුමක් හේතුවෙන් සැකකරු විසින් මරණකරුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව සඳහන්. මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 35ක මාම්පූරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ වන විට වයස අවුරුදු 54ක සැකකරු, අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන නොරොච්චෝල පොලිසිය විසින් සිදුකරනු කරනවා.
පවතින ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් 38 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. අමෙරිකාව හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34දෙනෙකු පමණ මියගොස් ඇති අතර ඉන් වැඩි බලපෑමක් නිව්යොර්ක් ප්‍රාන්තයට සිදුව ඇති බව සඳහන්. එමෙන්ම සුළි කුණාටුවත් සමග පුද්ගලයින් ලක්ෂ 2කට පමණ විදුලිය ඇනහිට ඇති අතර ගුවන් ගමන් රැසක් ද අවලංගු කර ඇති බව වාර්තා වනවා. මෙම තත්ත්වය මෑත කාලීනව උතුරු අමෙරිකානු රටවලට බලපෑ දරුණුතම ආපදා තත්ත්වයක් බව බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222