Author: VNews
ජපානයේ අධික හිම පතනයත් සමගින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 90කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මියගිය පිරිස අතරින් බහුතරයක් නිවාසයන්හි වහළ මත රැඳී තිබෙන හිම ඉවත් කිරීමට යාමේදී ඉන් ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ. ජපානයේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික හිමපතනය හේතුවෙන් නිවාස සිය ගණනකට විදුලි බලය ඇණහිට ඇති බව එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද නිවේදනය කළා. වාහන ගමනාගමනයට දැඩි බාධා පැමිණ ඇති අතර භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රමාද වීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ස්ථාන විස්සකදී රුපියල් 55 මිලකට අද(23) සිට බිත්තර අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා බිත්තර මිල ගණන් පාරිභෝගිකයන්ට දැරිය නොහැකි ආකාරයට ඉහළ යාම හේතුවෙන් බිත්තර අවම මිලක් යටතේ අලෙවි කිරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා. එහිදී බිත්තරයක් රුපියල් පනස් පහක මිලකට අලෙවි කිරීමට එම සංගම් අමාත්‍යවරයාට එකඟතාවය පළ කර තිබෙනවා. මේ අනුව අද(28) කොළඹ නගරය අවට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ විස්සක් පමණ යෙදවීමට එම සංගම් පියවර ගෙන තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා. කොළඹ දුම්රිය ස්ථානය, දෙමටගොඩ,…
කැබිනට් අමාත්‍යංශ අටක් ඳසහා නව ලේකම්වරුන් පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක පරිදි මෙම පත් කිරීම් සිදු කර ඇති බව සඳහන්. මේ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාතයංශයේ නව ලේකම්වරයා ලෙස එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පත් කර තිබෙනවා. ඔහු මීට පෙර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසින් කටයුතු කරනු ලැබුවා. කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසින් කටයුතු කළ එච්.කේ.ඩී.ඩබ්ලිව්.එම්.එන්.බී. හපුහින්න මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසින් පත් කර තිබෙනවා. යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ. මහේසන්…
කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබි මළ සිරුරක් ඊයේ (27) සවස හමුව බව කිලිනොච්චිය පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලය කුඹුරු වෙත රැගෙන යන ඇළ මාර්ගයක තිබි අදාළ මළ සිරුර සොයාගත් බවයි. කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකළ බවද පොලිසිය පවසනවා. මළසිරුර හඳුනාගැනීමට නොහැකි ආකාරයට නරක් වී ඇති අතර, මළ සිරුරේ අනන්‍යතාවය සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
වියට්නාමයේ සරණාගත කඳවුරක රඳවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 152 දෙනෙකු අද (28) අලුයම එරටින් පිටුවහල් කර විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා. මීට මාස කීපයකට පෙර 400 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීතිවිරෝධී මුහුදු ගමනක යෙදෙමින් ඕස්ට්‍රේලියාව බලා ගමන් ගනිමින් සිටියදී, ඔවුන් ගමන් ගත් යාත්‍රාව වියට්නාමය ආසන්න මුහුදු සීමාවේදී අනතුරකට පත්ව තිබෙනවා. එහිදී වියට්නාම් වෙරළාරක්ෂක භටයින් විසින් මෙම යාත්‍රාවේ සිටි පිරිස බේරා ගෙන එරට හැනෝයි නගරය ආසන්න කදවුරක රඳවා තැබීමට පියවර ගත්තා. මේ බැව් සැළවූ වහාම ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් වියට්නාමය වෙත ගොස් විමර්ශන සිදුකර ඇති අතර, එහිදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ…
2022 – 2023 මහ කන්නයේ දී වගා කටයුතු සඳහා සැප්තැම්බර් සිට දෙසැම්බර් 11 වනදා දක්වා කාලය තුළ බවුසර් 3559කින් ඉන්ධන සපයා ඇති බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා. අදාළ කාලය තුළ ගොවීන් වෙත ඉන්ධන ලීටර 6600ක් ලබා දී ඇති බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මීට අමතර ව වගා කටයුතු සඳහා භූමිතෙල් ලීටර 6600ක් ද ගොවීන් වෙත සපයා තිබෙන බව සඳහන්.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහර දීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 14 වනදා ත්‍රිරෝද රථයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිිණ මෙම පහරදීම සිදු කර තිබුණා. පසුව ඔහු කළුබෝවිල දකුණු කොළඹ රෝහලට ඇතුළත් කළ අතර අරගල භූමියේ දී කාන්තාවක් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත සිදුවූවක් බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වූයේ .
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු ගබඩා කරන භූමිය මේ වනවිට දැඩි හිස් ස්වභාවයක් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් පවතිනවා . වෙනදා මෙම ස්ථාන කදු මෙන් උසට ගල්අගුරු ගොඩ ගසා ඇති ආකාරයක් දැකගන්නට හැකිව තිබුණා , නොරොච්චෝලේ බලාගාරයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර සිටියේ, ආනයනය කරන ලද ගල් අඟුරු තොග අවසන් වීමෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ට එරට අපරාධ අධිකරණය වසර 11ක සිරදඬුවමක් නියම කර තිබෙනවා . එම තීන්දුව ලබාදුන්නේ මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු වීමෙන් අනතුරුවයි . සිරදඬුවමට අමතරව යමීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් ද නියම කර ඇති බව සදහන් . කෙසේ නමුත් යමීන් මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබෙනවා . රජයේ අරමුදලකින් මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් යටතේ 2019 වසරේදීත් යමීන් වරදකරු වූ අතර එහිදීත් වසර 5ක සිරදඬුවම් සහ දඩයක් නියම කෙරුණා . 2020 වසරේදී නිවාස අඩස්සියට පත් හිටපු ජනාධිපති යමීන්, ඉන් නිදහස ලැබුවේ මාස කිහිපයකින් පසුවයි .
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිය දිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව මේ වන විට විමර්ශකයින්ගේ අවධානය යොමුව ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසනවා . මරණය සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලයින් 70ක පමණ පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. ප්‍රකට ව්‍යාපාරිකයෙක් සහ සමාගම් අධ්‍යක්ෂවරයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් විමර්ශන ක්‍රියාත්මකයි .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222