Author: VNews

ජනවාරි මස දෙවනදා පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. මේ අනුව දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, වශයෙන් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කෙරෙනු ඇති. නව වසර උදාව හේතුවෙන් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදු කෙරෙනේ නැහැ.

තව කියවන්​න

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වූ චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා 2023 වර්ෂයට රුපියල් 4,000 ක උපරිමයකට යටත්ව මෙලෙස විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර ඇති බව සඳහන්. සියලුම අමාත්‍යංශ, පළාත් පාලන ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එම දැනුම්දීම සිදු කර තිබෙනවා. මෙම අත්තිකාරම් මුදල ගෙවීම 2023 වසරේ ජනවාරි මස පළමු වනදා ආරම්භ විය යුතු අතර 2023 වසරේ පෙබරවාරි මස විසි අට වනදායින් එය අවසන් කළ යුතු වනවා.

තව කියවන්​න

ජාතික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අනුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පාසල් පවරා ගැනීම නතර කර තිබෙනවා. එමෙන්ම එම පාසල් මින් ඉදිරියට ජාතික පාසල් ලෙස නම් නොකිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන්. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එම පාසල් ප්‍රමුඛ පාසල් ලෙස සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ජාතික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන ආරම්භ කෙරුණා . මෙම වැඩසටහන යටතේ එකී කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගත් පාසල් කිහිපය එලෙසින්ම පවත්වාගෙන යාමට ද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අමාත්‍යාංශයේ නව තීරණයට අනුව සංවර්ධනය කෙරෙන ප්‍රමුඛ පාසලක් වටා පාසල් පහක් හෝ හයක් වන ලෙස පාසල් පොකුරක් ඇති කිරීමට…

තව කියවන්​න

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු විශාල ආදායමක් වාහන ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් අහිමිවී ඇතැයි වර්තා වනවා. නව වාහන ලියාපදිංචියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායමෙන් සියයට 50 ක පමණ ආදායමක් හිමිවූ බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කලේ. මෙම වසරේ සුළු වාහන සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි වී ඇති අතර එම වාහනවලින් වැඩි ප්‍රමාණයක් රජයට අයත්. මෙම වසරේ වාහන පැවරීම්වලින් රුපියල් බිලියන 7 ක පමණ ආදායමක් උපයා ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ බවත් ඒ මහතා සඳහන් කළා.

තව කියවන්​න

මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාවට යම් බලපෑමක් එල්ල වී ඇති බව එම සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ අද දිනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 100කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යෑම ඊට හේතුව වී ඇති බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 3,200ක් පමණක් මේ වන විට දිවයිනම ආවරණ කරමින් සේවයේ යෙදෙන අතර එය සේවා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන බවයි එම සංගමය අවධාරණය කළේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පුහුණු කිරීම සඳහා වසර දෙකක් පමණ ගතවන බව සඳහන්. ඒ අනුව සෞඛ්‍ය සේවාවේ මෙන් යම් සේවා දිගුවක් ලබා දෙන ලෙසයි උපුල් රෝහණ මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාව ට ද අවුරුදු 63ක දක්වා දීර්ඝ කිරීමක්…

තව කියවන්​න

කොරෝනා ව්‍යාප්තියේ සීග්‍ර ඉහළ යාමත් සමග චීනය තුළ ඉන්දීය ඖෂධ සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. විශේෂයෙන් ඉන්දියාවේ කොරෝනා මර්ධන ඖෂධ සදහා චීනය තුළ දැඩි ඉල්ලුමක් පවතින බවයි විදෙස් මාධ්‍යවල සදහන් කරන්නේ. එහෙත් ඉන්දීය ඖෂධ සඳහා චීන බලධාරීන් පනවා ඇති සීමා හේතුවෙන් වෙළදපල තුළ ඉන්දීය ඖෂධ හිඟ බවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් චීනය තුළ කළුකඩ වෙළඳපල මිල ගණන් යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා මර්දන ඖෂධ අලෙවි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කොරෝනා මර්ධනය සඳහා අනුමත ප්‍රතිවෛරස ඖෂධ දෙකක් ඉන්දියාව විසින් ලාභදායී ලෙස බෙදාහරිමින් සිටිනවා. එහෙත් සීමාසහිත සැපයුම හා ආනයනය සඳහා චීනය තුළ ක්‍රියාත්මක බාධා හමුවේ…

තව කියවන්​න

විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව හැටනව ලක්ෂයේ මහජන පෙස්සමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙනවා. විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය සඳහන් කරන්නේ ජනවාරි දෙවෙනිදා පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුදබිමෙන් එය ආරම්භ කරන බවයි. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ජනතා වෛරී ලෙස කටයුතු කරන බවටයි කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක ට එක්වෙමින්  විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය චෝදනා කළේ. එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා එහිදී සඳහන් කළේ විදුලිය ගාස්තු ඉහල දමන්නේ නම් විදුලිබිල්පත් ගෙවීමෙන් වැලකි සිටින බවයි.

තව කියවන්​න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මවගේ අභාවය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝකය පළකර තිබෙනවා. මෝදි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත සිය සංවේගය පළකරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මව වන හීරාබෙන් මෝදි – ගුජරාට් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද අලුයම ජීවිතක්ෂයට පත්වුනා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මවගේ අභාවය පිළිබඳ ලෝක නායකයින් රැසක් ශෝකය පළකර ඇති අතර 99 හැවිරිදි ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගාන්ධි නගර්හි හි දී පැවැත්වෙනවා.

තව කියවන්​න

ජනවාරි මස 1 වන දින සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් ඉවත් කෙරෙනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේ රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවයි. මේ අතර රියදුරන්ගේ රථවාහන වැරදිවලට අනුව හදුන්වා දෙන ලකුණු ක්‍රමවේදය ලබන වසරේ මාර්තු මාසය පමණ වන විට ක්‍රියාත්මක වන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශ කළා.

තව කියවන්​න

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද උදෑසන සිදු වූ රිය අනතුරක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. රූර්කී නම් ප්‍රදේශය ආසන්නයේදී එම අනතුර සිදු ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අනතුර සිදුවීමෙන් පසු රිෂාබ් ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන තිබුනා. බරපතළ තුවාල ලබා ඇති රිෂාබ් ප්ලාස්ටික් සැත්කමට ද යොමු කර තිබෙනවා.

තව කියවන්​න